සිරකරුවන් 1530කට සමාව දෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ 51 වැනි ජාතික දිනය නිමිත්තෙන් සිරකරුවන් 1,530කට සමාව හිමි වී ඇති බව වාර්තා වේ.

එමිරේට්ස් ජනාධිපති, ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් සිරකරුවන්ව නිදහස් කරන ලෙස නියෝග කර තිබේ.

නිදහස් වූ සිරකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතාවයන් පියවීමට ද ෂෙයික් මොහොමඩ් ප්‍රතිඥා දී තිබේ.

තම අනාගතය ගැන නැවත වරක් සිතා බලන ලෙසත්, සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා සිරකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - අබුඩාබි නුවර)

RECOMMEND POSTS