ඉන්දියාවට යළි ගුවන් ගමන් අරඹයි



එමිරේට්ස් ගුවන් සමාගම ඉන්දියාවට යළි ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

2021 ජුනි 23 දින සිට ඉන්දියාවට ගුවන් ගමන් ආරම්භ කළ බව එමිරේට්ස් ගුවන් සමාගම ප්‍රකාශ කළේ ය.

ඉන්දියාවට ගුවන් ගමන් ආරම්භ කිරීමට සමගාමීව දකුණු අප්‍රිකාව සහ නයිජීරියාව යන රටවලටද ගුවන් ගමන් ආරම්භ කිරීමට එමිරේට්ස් ගුවන් සමාගම කටයුතු කර ඇත.

ඩුබායි ආපදා කළමනාකරණ උත්තරීතර කමිටුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම කොවිඩි මාර්ගෝපදේශනයන්ට අනුකූලව එමිරේට්ස් ගුවන් සමාගම ගුවන් ගමන් ආරම්භ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් , ඩුබාවි නුවර)

 


RECOMMEND POSTS