ඊජිප්තුවේ ගමකට ගෝනුස්සෝ පහරදීලා



ඊජිප්තුවේ අස්වාන් පළාතේ ගම්මානයක වැසියන්ට ගෝනුසු ප්‍රහාරයක් එල්ල වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. ගෝනුස්සන් ගම්මානයේ නිවෙස්වලට රිංගා ඇත්තේ අධින වැසි සහ ජල ගැලීම් නිසා යැයි ද පැවැසෙයි.

ගෝනුසු දෂ්ටනයට ලක්වුණු ගම්වැසියන් 400 දෙනකු රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ට කඩිනමින් ප්‍රතාකාර ලබා දීම සිදුවිය. ගෝනුසු දෂ්ටනයෙන් මරණ සිදුවී නැත. ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ, අස්වාන් රෝහල්වෙත අවශ්‍ය ප්‍රතිවිෂ ලබා දී ඇති බවය.

අස්වාන් පළාතට ඇද හැලෙන මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් පළිාතේ වැසියන් දහස් ගණනකට උන්හිටිතැන් අහිමිවී ඇතැයි ද පැවැසෙයි. පාසල් පවා තාවකාලිකව වසා දැමීමට ආණ්ඩුකාර අෂ්රාෆ් අටියා පියවර ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS