එමිරේට්ස් කුමරු ඊශ්‍රායල අගමැති ඊජිප්තුවේ



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරු ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් ඊජිප්තුවේ සංචාරයකට පැමිණි අතර ඔවුන් මහත් උණුසුම් ලෙස පිළිගැනීමට ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී කටයුතු කළේය.

ද්වී පාර්ශ්වික සබඳතා තව තවත් වර්ධනය කර ගනිමින්, ආයෝජන අවස්ථා වැඩි කර ගැනීම මෙම සංචාරයේ අරමුණ යැයි පැවැසෙයි. ඊජිප්තු ජනාධිපති අල් සීසී, ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන් කුමරු මෙන්ම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් පිළිගනිමින් සාකච්ඡා පැවැත්වූයේ රතු මුහුද අද්දර පිහිටා ඇති ෂාර්ම් එල් ෂෙයික් නගරයේදීය.

(රොයිටර්)


RECOMMEND POSTS