එමිරේට්ස් ආරක්ෂක උපදේශක කටාර් එමීර් හමුවෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඉහළ නිලධාරියකු සහ කටාර් එමීර්වරයා අතර හමුවක් පැවැත්වුණු බවත්, එමිරේට්ස් රාජ්‍ය නිලධාරියකු කටාර් එමීර් මෙසේ හමුවූයේ සිවු වසරකට පසුව බවත්, එය ඓතිහාසික සිදුවීමක් බවත් අල් ජසීරා පුවත් සේවය පවසයි.

කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී හමුවී දෝහා නුවරදී සාකච්ඡා පැවැත්වීම කළේ එමිරේට්ස් ජාතික ආරක්ෂක උපදේශක ෂෙයින් තනූන් බින් සයාද් අල් තානී ය.

2017 දී සෞදිය කටාර් රාජයය හුදෙකලා කරමින් සම්බාධක පැනැවීය. සෞදියට සහාය දුන් රටක් වුයේ එමිරේට්ස් රාජයයයි. එම අවස්ථාවේ පටන් එමිරේට්ස් රාජ්‍ය නිලධාරියකු කටාර් එමීර්වරයා හමුවී තිබුණේ නැත.

කෙසේ නමුත් මේ වනවිට සෞදිය ඇතුළු සෙසු මැදපෙරදිග රටවල් යළි කටාර් රාජ්‍යය සමග යහපත් සබදතා ආරම්භ කර අවසන්ය.

එසේ වුවත් එමිරේට්ස් රාජ්‍යය සහ කටාරය අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා ඇරැඹී නැත.

එමිරේට්ස් ආරක්ෂක උපදේශකවරයාත්, කටාර් එමීර්වරයාත් අතර හමුවක් පැවැත්වීම සිදුවූයේ මේ සම්බන්ධයෙන් යැයි විදෙස් පුවත් සේවා පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS