ඉන්දියානු සිසුවියට වසර10කට වීසා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඉ‌ෙගනුම ලබන ඉන්දියානු සිසුවියකට වසර 10කට වීසා හිමි වී ඇති බව වාර්තා වේ.

තස්නීම් අස්ලම්, ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ සිට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට අධ්‍යාපනය ලැබීම සඳහා පැමිණ ඇත.

ඇය අධ්‍යාපනය දක්වන ලද කැපවීම සහ බුද්ධිමත් බව හේතුවෙන් වසර 10කට (ගෝල්ඩ් වීසා) වීසා ලබාදීමට කටයුතු කර ඇති බව කලීජ් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරනවා.

“මෙය මගේ ජීවිතයේ හොඳම අවස්ථාවකි. මෙය සාක්ෂාත් කර ගැනීමට ලැබීම භාග්‍යයක් ලෙස මට හැඟෙනවා, මම සර්වබලධාරී අල්ලාහ් දෙවියන්ට ස්තූතිවන්ත වෙමි. මගේ දෙමව්පියන්ගේ සහයෝගය අතිමහත්ය.” තස්නීම් කලීජ් ටයිම්ස් පුවත්පතට පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS