එමිරේට්යට ගිගුරුම් සහිත වැසි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ නගර කීපයකට ගිගුරුම් සහිත වැසි පතිත ඇති වී ඇති බව වාර්තා වේ.

ගිගුරුම් සහිත වැසි හේතුවෙන් මාර්ග කීපයක් ජලයෙන් යට වී ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

ඩුබායි, ෆුජයිරා, රාස් අල් කයිමා, සාජා සහ අජ්මාන් යන නගරවලට ද වර්ෂාව පතිත වී ඇත.

අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.1 ක් වූ අතර, එය රාස් අල් කයිමා හි ජෙබෙල් ජයිස් නගරයෙන් වාර්තා විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS