එමිරේට්ස් නායකයින් ජාතික දිනයට සුබ පතයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය නායකයින් 51 වැනි ඕමාන් ජාතික දිනයට සුබ පැතුම් එක්කර ඇති බව වාර්තා වේ.

නොවැම්බර් 18 වෙනිදාට යෙදුණු 51 වැනි ඕමාන් ජාතික දිනයට එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති, ෂෙයික් කලීෆා බින් සයීඩ් අල් නහියන් සුබ පැතුම් පණිවිඩයක් යැවීමට කටයුතු කර ඇත.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ උප-ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක, ෂයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් සහ අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ එමිරේට්ස් සන්නද්ධ හමුදා නියෝජ්‍ය අණදෙන නිලධාරී, ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් ඕමාන් නායක, සුල්තාන් හයිතම් වෙත සුබ පැතුම් පණිවිඩ යැවීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS