ලෙබනනයෙන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර මාලාවක්



ලෙබනනයෙන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති බවත්, එයින් බොහොමයක් උඩු ගුවනේ දී විනාශ කර දැමීමට ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතියට හැකි වුණු බවත් ඊශ්‍රායල හමුදාව පවසයි.

ලෙබනනයෙන් එල්ල වුණු රොකට් ප්‍රහාරවලට පිළිතුරු දෙමින් ඊශ්‍රායල හමුදාව පෙරළා කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කර ඇත. ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කර ඇත්තේ ලෙබනනයේ පලස්තීන හිතවාදී කණ්ඩායම්ය. මොවුන්ට ඉරානයේ ද සහාය හිමිවෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS