ඊශ්‍රායලයේ 5 ත් 11 ත් වයසේ දරුවන්ට එන්නත්



ඊශ්‍රායලයේ අවුරුදු 5 ත් 11 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම මේ වනවිට ආරම්භ වී ඇත. ඊශ්‍රායල සෞඛ්‍ය බලධාරීන් කුඩා දරුවන්ට එන්නත් ලබාදීම කෙරෙහි අවධානය යොමු කළේ එරට 'ඩෙල්ටා' විකෘතියේ ව්‍යාප්තියත් සමඟ වයිරසය පාලනය කර ගැනීමේ අරමුණින්ය.

පාසල් ආරම්භ කිරීමත් සමඟ, කුඩා දරුවන් අතරේ 'කොවිඩ් 19' රැල්ලක් ඇති වීම වළක්වා ගැනීමට මෙසේ අවුරුදු 5 ත් 11 ත් අතරේ දරුවන්ට එන්නත් ලබා දීමට තීරණය කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් පවසා ඇත.

ඊශ්‍රායලය එරට වැසියන්ට ප්‍රධාන වශයෙන් ලබා දෙන්නේ 'ෆයිසර්' එන්නතය. රටේ ජනගහනයෙන් වැඩි පිරිසකට හිමිවී ඇත්තේ ද 'ෆයිසර්' ය. රටේ ජනගහනයෙන් සියයට 70 ක් පූර්ණ එන්නත්කරණයට ලක් වෙද්දී 'ඩෙල්ටා' ව්‍යාප්තිය ආරම්භ විය.

ඒ අනුව, අද වනවිට ඊශ්‍රායලයේ අවුරුදු 18 ට වැඩි, 'ෆයිසර්' පළමු සහ දෙවැනි මාත්‍රා ලබා ගත් සියලු දෙනාට තෙවැනි (බූස්ටර්) මාත්‍රාවක් ලබා දීම සිදුවෙයි. ලොව පළමුවෙන් 'ෆයිසර්' බූස්ටර් එන්නත් තම වැසියන්ට ලබා දීම කළ රට ලෙස ඊශ්‍රායලය හැඳින්විය හැකිය.

(රොයිටර්)


RECOMMEND POSTS