ඊශ්‍රායලයේ නව ජනපති අයිසෙක් හෙර්සොග්



ඊශ්‍රායලයේ නව ජනාධිපතිවරයා ලෙස අයිසෙක් හර්සොග් දිවුරුම් දුන්නේය. හර්සොග්, ඊශ්‍රායලයේ 11 වැනි ජනාධිපතිවරයාය.
ඊශ්‍රායලයේ ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමෙනි. ඊශ්‍රායල පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ නෙසට් සභාව යනුවෙනි.

60 හැවිරිදි හර්සොග්, නෙසට් සභාව හමුවේ දිවුරුම් දෙමින් ප්‍රතිඥා දුන්නේ ඊශ්‍රායල සමාජයේ, යුදෙව් සහ ආරාබිවරුන් අතරේ ඇති බෙදීම් දුරලීමට තමන් මැදිහත් වී කටයුතු කරන බවය.

ඊශ්‍රායලයේ බලතල ඇත්තේ අග්‍රාමාත්‍යවරයාටය. කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයා රජයක් පිහිටුවීම සිදු කරන්නේ ජනාධිපතිවරයාගේ අනුදැනුම යටතේය. ඊශ්‍රායල ජනාධිපතිවරයා සියලු පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කරන ස්වාධීන පුද්ගලයෙකි.

ටෙල් අවීව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS