ඉන්ටර්පෝල් නව සභාපතිට චෝදනා



ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් හි සභාපති ධුරයට පත් කෙරුණු එමිරේට්ස් ජනරාල්වරයකු වන අහ්මද් නසාර් අල් රායිසි ට චෝදනා එල්ල වී ඇත. ඒ, ඔහු අපරාධකරුවන් දරුණු ලෙස වධ බන්ධනයන්ට ලක් කළ තැනැත්තකු බවටය.

මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධාන බොහොමයක් මෙම නව පත් කිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.

අහ්මද් නසාර් අල් රායිසි සිවු වසරක ධුර කාලයක් සඳහා ඉන්ටර්පෝල් සභාපති ධුරය හොබවනු ඇති බව ඉන්ටර්පෝල් ආයතනය නිකුත් කළ 'ට්විටර්' පණිවුඩයක සඳහන් වෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS