අවුරුද්දක් වයස බිළිඳෙකුට පහරදීලා



එමිරේටයේ අවුරුද්දක් වයස බිළිඳෙකුට පහර දුන් ආසියානු ගෘහ සේවිකාවකට මාසයක සිර දඬුවමක් නියම කර රටින් පිටුවහල් කරන ලෙසඩුබායි අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

බිළිඳාට කිහිප වතාවක්පහර දෙන ආකාරය ආරක්ෂිත කැමරාවලින් පියා සොයාගෙන ඇත.

බිළිඳාට කිසිදු හානියක් කිරීමට තමාට අවශ්‍ය නොවූ බවත්, දරුවාගේ හිස පිරිමදිමින් නිදිකරවු බව චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෘහ සේවිකාව අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළේ ය.

2016 අංක 3 දරන ෆෙඩරල් නීතිය යටතේ ගෘහ සේවිකාවට එරෙහිව චෝදනා ගොනු කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS