කුණාටුවෙන් හානි වු නගරවල පැළ සිටුවයි



ඕමානයට බලපෑ ෂහීන් සුළි කුණාටුවෙන් හානියට පත් නගරවල පැළ සිටුවීවන බව වාර්තා වේ.

 “එකට එකතු වී අල්-බටීනාව හරිත කරමු’’ යන තේමාව පාඨය යටතේ පැළ 3,000කට වැඩි ප්‍රමාණක් සිටුවීමට සැළසුම් කර ඇත.

සුළි කුණාටුවෙන් හානියට පත් නගරවල පලතුරු, විසිතුරු සහ සෙවන සහිත ගස් සිටුවන බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය වාර්තා කළේ ය.

විවිධ වර්ගයේ ගස් වර්ග ලබා දී හානියට පත් නගරවල භූ දර්ශනය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම, ධීවර සහ ජල සම්පත් අමාත්‍යාංශය පවසීය.

2021 වර්ෂය අවසන් වන තෙක් පැළ සිටුවීම සිදු කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් - මස්කට් නුවර )    

RECOMMEND POSTS