කුණාටුවෙන් බලපෑ ප්‍රදේශවලට යළි එන්නත



ඕමානයේ ෂහීන් සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට කොවිඩ් -19 එන්නත නැවත ලබා දෙන බව වාර්තා වේ.

2021 ඔක්තෝබර් 13 වන දින සිට කොවිඩි-19 එන්නත් ලබාදෙන බව ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

විලායත් හි අල් කබෞරා සහ සුවෙයික් යන නගරවල එන්නත්කරණ වැඩසටහන යළි ආරම්භ කළ බව උතුරු අල්-බටිනා ආණ්ඩුකාර කාර්යාලයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්ක්ට් නුවර)


RECOMMEND POSTS