එමිරේටයෙන් ගුවන් ගමන් තහනමක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය රටවල් දෙකකට ගුවන් ගමන් තහනමක් පැනවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

එම තහනම අනුව, ඉන්දුනීසියානු සහ ඇෆ්ගනිස්ථාන් සංචාරකයින්ට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට ඇතුළුවීම ජුලි 11 දින සිට තහනම් කර ඇති බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

එම රටවල් දෙකෙන් එමිරේටය හරහා වෙනත් රටවලට ගමන් කරන ගුවන් මඟීන්ට අවසර ලබා දී ඇත.

රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල, හදිසි වෛද්‍ය ප්‍රතිකාර, නිල නියෝජිතයින් සහ කලින් බලයලත් ආර්ථික හා විද්‍යාත්මක නියෝජිතයින්ට පමණක් එමිරේට්ස් අපදා කළමනාකරණ අධිකාරිය සහ සිවිල් ගුවන්සේවා අධිකාරිය පැමිණීමට අවසර ලබා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS