වෙනිසියුලා ජනපති ඉරානයේ සංචාරයක



ඇමෙරිකා සම්බාධකවලින් බැටකන ඉරානය සහ වෙනිසියුලාව අතරේ ද්වී පාර්ශ්වීක සබඳතා තරකර ගැණුනි. ඒ වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ, ඉරානයේ තෙහෙරාන් අගනුවරදී ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි හමුවීමෙනි.

තෙහෙරාන් පැමිණි වෙනිසියුලා ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගැනීමට ඉරාන ජනාධිපති රයිසි කටයුතු කළේය. දෙදෙනා අතර හමුව පැවැත්වූයේ තෙහෙරාන් අගනුවර සාදාබාද් මාලිගයේදීය. එහිදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගනිමින් වසර විස්සක ගිවිසුමකට ද රාජ්‍ය නායකයෝ දෙදෙනා අත්සන් තැබූහ.

(රොයිටර්)


RECOMMEND POSTS