පලස්තීනුවන් 42ක් මරුට



ඊශ්‍රායලය එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාරවලින් පසු පලස්තීනුවන් 42ක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් ළමුන් 10 දෙනෙක්ද ජීවිතක්ෂයට පත් වී ඇති බවත්, නිවාස කීපයකට බරපතල හානි සිදු වී ඇති බව සෞඛ්‍ය බලධාරිහු ප්‍රකාශ කරති.

හමාස් සටන්කාමීන් භාවිතා කරන උමං මාර්ගයකට ප්‍රහාර එල්ල කළ බවත්, උමං මාර්ගය කඩා වැටීමෙන් නිවාසවලට හානි සිදු වී ඇති බව ඊශ්‍රායල් හමුදාව පවසනවා.

එල්ල කරන ලද ගුවන් ප්‍රහාර කලින් සැළසුම් කළ එකක් බව හමාස් සංවිධානය පෙන්වා දෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ගාසා නගරය)


RECOMMEND POSTS