මත්ද්‍රව්‍ය කිලෝ 470ක් සමඟ අත්අඩංගුවට



ඕමානයේ මුසැන්ඩම් නගරයට මත්ද්‍රව්‍ය රැගෙන යෑමට උත්සහ කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මුසැන්ඩම් වෙරළාරක්ෂක පොලිස් බෝට්ටු මගින්ආසියාතිකයින් තිදෙනෙකු ඕමාන් මුහුදු කලාපයේදිඅත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයින් සතුව තිබී අබිං, මානසික රෝගීන්ට ලබාදෙන පෙති වර්ග සහ හෂීස් කිලෝග්‍රෑම් 470කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

මත්‍ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඕමාන් රාජකීය පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS