මත්ද්‍රව්‍ය ටොන් 21ක් අල්ලයි



ඕමාන් රාජකීය පොලීසිය මත්ද්‍රව්‍ය ටොන් 21ක් 2021 වර්ෂය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එම මත්ද්‍රව්‍ය තොගයට අමතරව මත්පෙති මිලියන 02ක්ද 2021 වසර තුළ අත්අඩංගුවට ගෙන ඇති  බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය.

නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට කටයුතු කරන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතිය රැහැනට කොටු කරගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වී ඇති බව මත්ද්‍රව්‍ය මර්දන අධ්‍යක්ෂ ජනරාල්, ලුතිනන් කර්නල් සුලෙයිමාන් බින් සයිෆ් අල් ටැම්ටාමි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS