ඉස්තාන්බුල් නුවර පිපිරීමක්



තුර්කියේ ඉස්තාන්බුල් නුවර වීදියක සිදුවුණු පිපිරීමකින් 11 දෙනකු තුවාල ලැබූ බව අල් ජසීරා පුවත් සේවය පවසයි.

තුර්කි මාධ්‍ය වාර්තා කරන ආකාරයට පිපිරීම සිදුවූයේ Istiklal වීදියේය.

පිපිරීමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බවත්, තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්වලට රැගෙන යමින් ඇති බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.

Istiklal වීදිය වෙළෙඳසැල්වලින් සමන්විතය. හෙහ වීදිය සංචාරකයන් අතරේ ද ප්‍රකටය. පිපිරුමෙන් පසු වීදියේ වෙළෙඳසැල් වසා දැමුණි.

(රොයිටර්)


RECOMMEND POSTS