ප්‍රහාරයෙන් ගැබනි මාධ්‍යවේදිනියක් මරුට



යේමනයේ දකුණු වරාය නගරයේ (ඒඩන්) සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ගැබනි මාධ්‍යවේදිනියක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

රෂා අබ්දුල්ලා අල්-හරාසි වන මාධ්‍යවේදිනිය සහ මාධ්‍යවේදියෙකු වන ඇගේ සැමියා, මහමුද් අල්-අත්මි ගමන් ගත් මෝටර් රථයේ පුපුරණ ද්‍රව්‍යය සවි කර තිබු බව යේමන පොලීසිය ප්‍රකාශ කළේ ය.

ප්‍රහාරයෙන් සැමියා තුවාල ලබා ඇති බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ඔවුන් දෙදෙනා ගල්ෆ් රූපවාහිනී නාලිකාවක සේවය කර ඇති නමුත්, කුමන රූපවාහිනි නාලිකාවකද යන්න සඳහන් කර නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඒඩන් නුවර)

 


RECOMMEND POSTS