වෘත්තිකයින්ට ඕමානයෙන් අවස්ථාවක්



ඕමානය සංචාරක නීතිරීති ලිහිල් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, සියලුම ගල්ෆ් රටවලවානිජ වෘත්තිකයන්ට ඕමානයට ඇතුලුවීමට අවස්ථාව හිමි වන බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

ගල්ෆ් රටවල වෘත්තිකයන්ට වාණිජ වෘත්තීන් සඳහා ඕමානයට ඇතුළු වීමට අයිතියක් ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

මෙම පහසුකම ලබා ගැනීම සඳහා ගල්ෆ්රටක පුරවැසියෙකුට එම රටින් කෙලින්ම පැමිණීම අවශ්‍ය නොවන අතර, ඕනෑම වේලාවක සහ ඕනෑම රටකින් ඕමානයට පැමිණිය හැකිය බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

වීසා කාලසීමාව මාස තුනකට වැඩි විය යුතු බව සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online මස්කට් නුවර)

RECOMMEND POSTS