ත්‍රස්තවාදයට අනුග්‍රහය දෙනවැයි සෞදියට චෝදනා



අයි.එස්.අයි.එස්. ත්‍රස්ත කල්ලිවලට අනුග්‍රහය සහ සහාය ලබා දෙන්නේ සෞදි අරාබිය යැයි ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම් හාසාන් නසරල්ලා චෝදනා නගයි.

ඉරාකයේ පසුගිය දා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ අයි.එස්.අයි.එස්. සාමාජිකයන්ට පුපුරන ද්‍රව්‍ය ඇටවූ මෝටර් රථ ලබා දී ඇත්තේ සෞදිය යැයි නසරල්ලා චෝදනා කර තිබේ.

හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා එම චෝදනා සෘජුව එල්ල කර ඇත්තේ සෞදියේ සල්මාන් රජුටය.

‘ඉරාකයේ පමණක් ​නොව සිරියාවේ ද තව දුරටත් ක්‍රියාත්මක අයි.එස්.අයි.එස් ත්‍රස්ත කල්ලි සෞදි අරාබියේ සහාය ලබනවා නම්, ඔබ ඒ ගැන වගනීම බාර ගන්න ඕනෑ’ යැයි නසරල්ලා සෞදි රජු සිහිපත් කරමින් පවසා ඇත.

හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම් හාසාන් නසරල්ලා මෙසේ සෞදි අරාබියත්, සල්මාන් රජුත් විවේචනය කළේ රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS