ගුදමාර්ගයෙන් මත්ද්‍රව්‍ය රැගෙන ගිහින්



බහරේනයට මත්ද්‍රව්‍ය රැගෙන ගිය පුද්ගලයෙකු බහරේන් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා ගුවන්තොටුපොල තුළ නොසන්සුන්ව සහ අපහසුතාවයෙන් සිටින බව නිරීක්ෂණය කිරීමෙන් පසු පරීක්ෂා කිරීමට කටයුතු කර ඇත.

42 හැවිරිදි පාකිස්තාන ජාතිකයෙක් වන මෙම පුද්ගලයාවඅඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදි ගුදමාර්ගයේ තිබී මත්ද්‍රව්‍ය අඩංගු කරල් 90ක් සොයා ගෙන ඇත.

පාකිස්තාන ජාතිකයාට විරුද්ධව නීතිමය පියවර ගැනීම සඳහා පොලීසියට භාරදීමට ගුවන්තොටුපොල ආරක්ෂක අංශය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මනාමා නුවර)

RECOMMEND POSTS