ඉන්දියානුවන් ගුවන්තොටුපොලක්ම භාවිතා කරලා



ඉන්දියානුවන් සිය ගුවන්ගමන් අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා මස්කට් ගුවන්තොටුපොළ වැඩිපුර භාවිතා කර ඇති බව වාර්තා වේ.

මස්කට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිතර භාවිතා කළ ගුවන්මගීන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දියානු සංචාරකයින් බව නවතම වාර්තාවකින් හෙළි වී ඇත.

2022 දෙසැම්බර් මස අවසන් වන විට ඉන්දියානු සංචාරකයින් 147,000 කට වැඩි පිරිසක් මස්කට් ගුවන් තොටුපළ හරහා පියාසර කර ඇති බවට එම වාර්තාවේ සඳහන් කර ඇත.

මස්කට්, සලාලා සහ සොහාර් ගුවන් තොටුපළ හරහා පැමිණෙන සහ පිටතට යන ජාත්‍යන්තර ගුවන් ගමන් සියයට 128 කින් ඉහළ ගොස් ඇති අතර, 2022 දෙසැම්බර් මාසය අවසන් වන විට ගුවන් ගමන් 65,220 දක්වා ළඟා වී ඇත.

2021 වර්ෂයේ එම කාලය තුළ සිදු වූ ගුවන් ගමන් වාර සංඛ්‍යාව 28,580 කි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS