මාධ්‍යවේදිනිය ඝාතනය හෙලා දකිනවා



ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමකින්, අල් ජසීරා පුවත් සේවයේ මාධ්‍යවේදිනී ෂිරීන් අබු අක්ලේ මියයෑම සම්බන්ධයෙන් ස්වාධීන, අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්විය යුතු යැයි එම සිද්ධිය තරයේ හෙලා දකිමින් ලෝක නායකයෝ ඊශ්‍රායලයට දැනුම් දී තිබේ.

51 හැවිරිදි ෂරීන් අබු අක්ලේ වසර ගණනාවක් තිස්සේ ඊශ්‍රායලයෙන් සහ ඊශ්‍රායල හමුදාවෙන් පලස්තීනුවන්ට සිදුවන 'කෙණෙහිලිකම්' සම්බන්ධයෙන් පුවත් ලෝකයට ගෙන ගිය මාධ්‍යවේදිනියකි. ඇය අවස්ථා ගණනාවකදී ඊශ්‍රායල හමුදාවේ අඩන්තේට්ටම්වලට ද ලක් වූ තැතැත්තියකි.

ෂරීන් අබු අක්ලේ හමුදා වෙඩි ප්‍රහාරයකට බිලි වූයේ බටහිර ඉවුරේ ගැටුම් සම්බන්ධයෙන් පුවත් වාර්තා කරමින් සිටිද්දීය. වෙඩි තැබීමට ලක් වන අවස්ථාවේදී ඇය මාධ්‍යවේදීන් විසින් ඔවුන් වෙන් කර හඳුනා ගැනීමට පලඳින කබාය පැලඳ සිටියාය.

(අල් ජසීරා)


RECOMMEND POSTS