හමාස් ‘ත්‍රස්ත‘ සංවිධානයක්



පලස්තීනයේ හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් යැයි හැඳින්වීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කර තිබේ.

2007 වසරේ සිට ගාසා තීරයේ අණසක පතුරුවන හමාස් සංවිධානය තවමත් මේ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත.

මීට පෙර ඕස්ට්‍රේලියා රජය හමාස් සංවිධානයේ අල් කසාමා සන්නද්ධ අංශය පමණක් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබුණි. ඒ, 2003 වසරේ සිටය.

ඕස්ට්‍රේලියා රජය දැන් පවසන්නේ සන්නද්ධ අංශය පමණක් නොව, දේශපාලන අංශය ද ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරන බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS