හදිසි ගංවතුරට 21 ක් බිලිවෙති



වසර ගණනක නියගය අවසන් කරමින් ඉරානයේ ෆාර්ස් ප්‍රාන්තයට ඇද හැළෙන මහ වැසි සහ හදිසියේ හටගත් ජල ගැලීම්වලින් 21 දෙනකු මියගිය බව වාර්තා වේ.

හදිසියේ හටගත් ජල ගැලීම්වලින් හානි සිදුවී ඇත්තේ එස්තබාන් නගරයටය. ජල ගැලීම් හටගත්තේ නගර අසලින් ගලා බසින රොවුද්බාල් ගංගාව පිටාර ගැලීමෙනි.

මේ අතර හදිසියේ හටගත් ජල ගැලීම් හේතුවෙන් කොටුවුණු 55 දෙනකු බේරා ගැනීමට ඉරාන හමුදාව සමත් වූ බව ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS