සෞදි සංචාරකයින්ට අලුත් සේවාවක්



සෞදි අරාබිය කෲස් සංචාරකයින් සඳහා විද්‍යුත් වීසා සේවාවක් නිල වශයෙන් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය නව සේවාව පිළිබඳව සිය ට්විටර් සමාජ ජාල ගිණුම හරහා ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර ඇත.

විද්‍යුත් වීසා සේවාව පිළිබද තොරතුරු ට්විටර් ගිණුම හරහා ලබාගැනීමට පහසුකම් සපයා ඇත. විද්‍යුත් වීසා සේවාවට සම්බන්ධ වීම සඳහා කෲස් ප්‍රවේශපත්‍රයක් මිලදී ගෙන තිබීම අවශ්‍ය වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS