සෞදි රජු රෝහලට



සෞදි රජු එරට රතු මුහුද අසල ජෙඩා නගරයේ රෝහලකට ඇතුළත් කර ඇතැයි සෞදි පුවත් සේවා වාර්තා කරයි.

සෞදි රජු ට පෙස්මේකරයක් සවි කර ඇති අතර, එහි බැටරිය අලුත් කිරීම මීට දින කීපයකට පෙර සිදුවිය.

86 හැවිරිදි සෞදි රජු ජෙඩා රෝහලට ඇතුළත් කෙරුණේ ඉන්පසු සිදු කළ යුතු වෛද්‍ය පර්යේෂණ සඳහා යැයි සෞදි පුවත් සේවා වාර්තා කරයි.

සෞදි රජු ඇතුළත් කෙරුණේ 'කිංග් ෆයිසාල්' විශේෂඥ රෝහලටය.

(අල් ජසීරා)


RECOMMEND POSTS