සෞදි රජුට ඇල්ජිරියාවෙන් ආරාධනාවක්



අරාබි සමුළුවට සහභාගි වන ලෙස සෞදි රජු, සල්මාන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුද්ට ආරාධනා කර ඇති බව වාර්තා වේ.

අරාබි සමුළුව නොවැම්බර් මාසයේ ඇල්ජිරියාවේදි පැවැත්වෙන අතර, ඇල්ජිරියානු ජනාධිපති, අබ්දෙල්මඩ්ජිඩ් ටෙබූන් සෞදි රජුට ආරාධනා කර ඇත.

එම ආරාධනාව සෞදි රජු වෙනුවෙන් සෞදි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, ඇඩෙල් අල්-ජුබෙයිර් වෙත භාර දීමට ඇල්ජීරියානු අධිකරණ අමාත්‍ය, අබ්දුල් රෂීඩ් ටැබී කටයුතු කර ඇත.

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත්  කරගැනීම සහ පොදු අවශ්‍යතා පිළිබඳව මෙම හමුවේදි අවධානය යොමු විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)


RECOMMEND POSTS