සෞදි කතුන් දුම්රිය ධාවනයට



සෞදි පළමු කාන්තා දුම්රිය රියදුරු කණ්ඩායම දුම්රිය ධාවන කටයුතුවල නිරත වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

සියළුම පුහුණුවීම් කටයුතු අවසන් කිරීමෙන් පසු, හරමේන් සීඝ්‍රගාමී දුම්රිය ධාවනය කිරීම සඳහා සෞදි කාන්තාවන් 32දෙනෙකු සුදුසුකම් ලබා ඇත.

වන්දනාකරුවන් සහ සංචාරකයින් ඔවුන්ගේ ගමනාන්ත වෙත රැගෙන යාමට මඟ පෙන්වීමට අවස්ථාව හිමි වීම ගැන දුම්රිය රියදුරුවරියන් මහත් උද්යෝගයට සහ සතුටට පත් ව සිටින බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS