සෞදිය හිමෙන් වැසෙයි



උතුරු සෞදි අරාබියේ ප්‍රදේශ කීපයක් හිමවලින් වැසී ගිය බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

අල්-ජවුෆ් පළාතේ කුරයාත්  ප්‍රදේශයේ උෂ්ණත්වය ආසන්න වශයෙන් සෙල්සියස් අංශක 7 දක්වා පහත වැටීම හේතුවෙන් හිම පතිත වී ඇති බව කාලගුණ විද්‍යා පිළිබඳ සෞදි ජාතික මධ්‍යස්ථානය පැවසුවේ ය.

ජෝර්දාන්  දේශසීමාවේ සිට කිලෝමීටර් 30 ක් දුරින් පිහිටා ඇති නගරයකට අහසින් හිම කැට වැටෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල මාධ්‍යවලට එක්කර ඇත.

සුළං සහ හිම කැට සමඟ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා පිළිබඳ සෞදි ජාතික මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS