සෞදිය ගුවන් තහනම ඉවත් කරයි



සෞදි අරාබිය රටවල් 11කට පනවා තිබු ගුවන් ගමන් තහනම ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, ජර්මනිය, එක්සත් ජනපදය, අයර්ලන්තය, ඉතාලිය, පෘතුගාලය, එක්සත් රාජධානිය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය සහ ජපානය යන රටවල ගුවන් මඟීන්ට සෞදි අරාබියට පැමිණීමට අවසර හිමි වෙයි.

එම රටවලින් පැමිණෙන ගුවන් මඟීන් නිරෝධායනය විය යුතු බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS