සෞදිය ඉන්දියාවට ඔක්සිජන් යවයි



සෞදි අරාබිය ද්‍රව ඔක්සිජන් ටොන් 60ක් ඉන්දියාවට යැවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

කොරෝනා වසංගතයේ දෙවන රැල්ලෙන් දැඩි ලෙස රෝගාතුරව සිටින ඉන්දියානු ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ඔක්සිජන් තොගය ඉන්දියාවට ලබාදීමට සෞදි අරාබිය කටයුතු කර ඇත.

සෞදි අරාබිය ලබාදෙන ඔක්සිජන ප්‍රමාණය පුද්ගලයන් 300,000කට ප්‍රමාණවත් වන බවත්, දම්මම් නුවර වරායෙන් ඔක්සිජන් තොගය නැව්ගත කළ බවත්, අදාල ඔක්සිජන් ප්‍රමාණය ජුනි 06 දින වනවිට ලැබෙනු ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)  


RECOMMEND POSTS