සෞදියේ 5-11ළමයින්ට ෆයිසර් අනුමතයි



සෞදි අරාබියේ වයස අවුරුදු 5-11 අතර ළමයින්ට ෆයිසර් එන්නත ලබාදීමට අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

ඖෂධ සමාගම විසින් ලබා දෙන ලද දත්ත මත පදනම්ව, අදාල එන්නත නියාමන අවශ්‍යතා සපුරා ඇති බැවින් අනුමැතිය ලබාදීමට කටයුතු කළ බව සෞදි ආහාර හා ඖෂධ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

වයස අවුරුදු 5-11 දක්වා ළමයින්ට එන්නත් කිරීම ආරම්භ කර ඇති අතර, දළ වශයෙන් පාසල් ළමුන් මිලියන 28 ක් පමණ කොවිඩි-19 එන්නත් ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS