සෞදියේ විදේශ ආයෝජන ඉහළට



සෞදි අරාබියේ ඍජු විදේශ ආයෝජන ඉහළ ගොස් ඇති බව අල්-අරාබියා වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ අනුව, 2021 වර්ෂයේ පළමු කාර්තුව තුළ ඍජු විදේශීය ආයෝජන සියයට දහතුනකින් (13%) ඉහළ ගොස් ඇති බව සෞදි ආයෝඡන අමාත්‍ය, කාලිඩ් අල්-ෆාලි, අල් අරාබියා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

ආර්ථිකය විවිධාංගීකරණය කිරීම තුළින් විදේශීය ආයෝඡන ආකර්ෂණය කර ගැනීමට හැකියාව පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS