සෞදියේ රැකියාවල විශාල වර්ධනයක්



සෞදි අරාබියේ තෙල් නොවන අංශයේ රැකියාවල විශාල වර්ධනයක් ජුනි මාසයේදී දක්නට ලැබෙන බව වාර්තා වේ.

කොරෝනා වසංගතය යථා තත්ත්වයට පත් වීමත් සමඟ තෙල් නොවන පෞද්ගලික අංශයේ රැකියා විශාල වශයෙන් වැඩි වී ඇති බව සිදුකරන ලද සමීක්ෂණයකින් අනාවරණය කර ගෙන ඇත.

2021 ජනවාරි මාසයේ සිට රැකියා වර්ධන වේගය ආරම්භ වී ඇති අතර, වර්ධන වේගය නොවෙනස්ව පවත්වා ගනිමින් ජුනි මාසයේදි “මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකයේ (PMI)’’56.4 ක් ලෙස වාර්තා වී ඇත.

නව ඇණවුම් වැඩි වීම, මාස පහක් තුළ නිෂ්පාදන අංශය වේගවත් වීම, ව්‍යාපාරික ක්‍රියාකාරකම් ඉහළ නැංවීම, කොරෝනා වයිරස් ආශ්‍රිත සීමාවන් ලිහිල් කිරීම මෙම වර්ධනයට හේතු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS