සෞදියෙන් ආසාදිතයන් 1,261ක්



සෞදි අරාබියෙන් කොරෝනා ආසාදිතයන් 1,261ක් පසුගිය පැය 24 තුළ හමු වී ඇති බව වාර්තා වේ.

එම කාලය තුළ ආසාදිතයන් 1,040ක් සුවය ලබා ඇති බවත්, 436,884 දෙනෙක් මේදක්වා සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

සෞදි අරාබියේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 454,217 දක්වා ඉහළ ගොස් ඇත.

ආසාදිතයන් 15 දෙනෙක් පසුගිය පැය 24 තුළ ජීවිතක්ෂයට පත් වී ඇති අතර, ජීවිතක්ෂයට පත් වී ඇති මුළු ආසාදිතයන් සංඛ්‍යාව 7,408ක් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS