සෞදියත් ඉරානයත් සාකච්ඡා



යහපත් සබදතා වර්ධනය කර ගැනීමේ අරමුනින් සුන්නි මුස්ලිම් සෞදියත්, ෂියා මුස්ලිම් ඉරානයත් අතර සාකච්ඡා ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

හොද හිත තරකර ගැනී‍ම වෙනුවෙන් මෙසේ සාකච්ඡා පැවැත්වෙන්නේ දෙරට අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබදතා අත්හිටුවා සිවු වසරක් ගත වෙද්දීය.

සාකච්ඡා පැවැත්වෙන්නේ ඉරාකයේ බැග්ඩෑඩ් නුවරය. ඉරානයත් සෞදියත් අතර යහපත් සබදතා වර්ධනය කිරීමෙහිලා මැදහත්කරු ලෙස කටයුතු තරන්නේ ඉරාකයයි.

යේමන අර්බුදයට සම්බන්ධ වී සිටින පාර්ශ්ව දෙක වන්නේ ද සෞදිය සහ ඉරානයයි. යේමන අර්බුදය උත්සන්න වී ඇත්තේ ද එහෙයිනි. යේමනයේ හවුති සටන්කාමීන්ට ඉරානය සහාය දක්වන අතර, සෞදිය යේමන රජයට සහාය දක්වයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS