සෞදියට මිසයිල 12 ක් යවලා



සෞදි අරාබියට බැලැස්ටික් මිසයිල 12ක් ඉරානයේ සහය ලබන යේමන හවුදි ගරිල්ලන් එල්ල කර ඇති බව වාර්තා වේ.

සෞදි අරාබියේ ප්‍රධාන තෙල් සමාගම වන අරම්කෝ සමාගමට අයත් තෙල් ගබඩා සංකීර්ණ පිහිටි ප්‍රදේශයට හවුදි ගරිල්ලන් මිසයිල එල්ල කර ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

සියළුම බැලැස්ටික් මිසයිල සහා ඩ්‍රෝනා යානා උඩුගුවනේදීම විනාශ කර දැමීමට කටයුතු කළ බව සෞදි සන්ධාන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

දකුණු දිග සෞදි අරාබියේ නජ්රාන් ගුවන්තොටුපල සහ නජ්රාන් නගරයේ ඇති අනෙකුත් ප්‍රධාන ආර්ථික මරමස්ථාන හවුදි ගරිල්ලන්ගේ ප්‍රධාන ඉලක්කය වී තිබු බව සෞදි සන්ධාන හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
අරම්කෝ සමාගම මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS