සේවකයෙක් සියදිවි හානි කරගෙ‌න



ඩුබායි නුවර අල්-රිෆ්‌ෆා ප්‍රදේශයේ සමාගමක සේවය කළ ඉන්දියානු ජාතිකයෙක් සිය කාමරය තුළ සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ. 

කාමරයේ සිවිලිමේ එල්ලි සියදිවි හානි කර ගෙන ඇති බවට මුලික පොලිස් පරීක්ෂණවලින් සනාථ වී ඇත.

දින තුනක් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් 34 හැවිරිදි ඉන්දීය ජාතිකයා සේවය කළ සමාගමේ අයිතිකරු ඩුබායි පොලීසියට පැමිණිලි කර ඇත.

සියදිවි හානි කරගැනීමට හේතු වු කරුණු මෙතෙක් හෙළිකරගැනීමට පොලීසියට හැකි වී නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින් ඩුබායි නුවර )

RECOMMEND POSTS