සුලෙයිමානී ඝාතනයට එරෙහිව පියවරක් ගන්න



තම හමුදා අණදෙන නිලධාරී, ක්වසීම් සුලෙයිමානී, ඉරාකයේ දී ඝාතනය කිරීම සම්බන්ධයෙන්, එම ඝාතනය සිදු කළ ඇමෙරිකාවට එරෙහිව පියවර ගන්නැයි ඉරානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා තිබේ.

ක්වසීම් සුලෙයිමානී, ඝාතනය කෙරුණේ මීට වසර දෙකකට පෙර, ජනවාරි 3 වැනිදාය. සුලෙයිමානී ඝාතන සිදුවීම හෙලා දකිමින් ඉරාකයේ බැග්ඩෑඩ් නුවර ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් කණ්ඩායම් විරෝධතා රැලි ද සංවිධානය කර තිබේ.

ක්වසීම් සුලෙයිමානී ඝාතනය කිරීමට ඇමෙරිකන් හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගත්තේය.

ඒ වනවිට සුලෙයිමානී, ඉරාකයට පැමිණියේ ඉරාක හමුදාවේ ඉරාන සහය ලබන අතිරේක හමුදා කණ්ඩායම් හමුවීමටය.

ක්වසීම් සුලෙයිමානී, ඝාතනය කෙරුණේ ඔහු ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ බව චෝදනා නගමිනි. ඝාතනයට අණ දුන්නේ එවකට ඇමෙරිකාවේ බලයේ සිටි ට්‍රම්ප් පරිපාලනයයි.

තම ඉහළ පෙළේ හමුදා නිලධාරියා ක්වසීම් සුලෙයිමානී, ඝාතනය කිරීම අපරාධයක් බවත්, එය මනුෂ්‍ය ඝාතනයක් බවත්, ඉරානයේ ජාතික ආරක්ෂාවට සිදුවුණු තර්ජනයක් බවත් පෙන්වා දෙමින් ඉරාන ජනාධිපති කාර්යාලය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් යොමු කරමින් පැහැදිලි කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS