සිරියා ජනපති බිරිඳට ත්‍රස්ත චෝදනා



සිරියාවේ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ යැයි, සිරියා ජනාධිපති බිරිඳ අස්මා අල් අසාද් ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්, විමර්ශනයක් ආරම්භ කළ බව එක්සත් රාජධානියේ පොලිස් දෙපාර්තමේන්තුව කියයි.

එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය වුවහොත්, අස්මා ට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහිමි වනු ඇත. ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ යැයි අස්මාට චෝදනා කර ඇත්තේ ‘ගුවෙර්නිකා 37’ නමැති නීති සමාගමය.

සිරියානු අර්බුද මැද සිදුවුණු මූලික මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ විමර්ශන පවත්වන්නේ මෙම නීති සමාගමය.

අස්මා අල් අසාද් උපත ලැබුවේ බ්‍රිතාන්‍යයේය. ඒ සිරියානු ජාතික යුවළකටය. ඇය උපන්නේත් හැදී වැඩුණේත් ලන්ඩන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි.

45 හැවිරිදි වියෙහි පසුවන අස්මා, පියයුරු පිළිකාවකින් ද පීඩා විදි තැනැත්තියකි. මේ වනවිට ජනාධිපති අසාද් මෙන්ම අස්මා ද ‘කොවිඩ් 19’ ආසාදිතයන් වී සිටිති.

(රොයිටර්)


RECOMMEND POSTS