සිරියානු සටන්කාමීන් යුක්රේනයට



යුක්රේනයට එරෙහිව සිදු කරන සටනේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, සිරියානු රජයට සහාය දක්වන ගරිල්ලා සටන් පිළිබඳ අත්දැකීම් ඇති ෂියා මුස්ලිම් ඉස්ලාමීය සටන්කාමීන්ගේ සහාය ලබා ගැනීමට සූදානම් වෙන බව ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි.

සිරියානු සිවිල් යුද්ධය හටගත්තේ 2015 වසරේදීය. එම යුද්ධයට රුසියාව ද සම්බන්ධ විය. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහාය හිමිවූයේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ප්‍රමුඛ සිරියානු රජයටය.

සිරියානු රජය පෙරළා දැමීමට සටන් කළේ ඇමෙරිකාවේත්, ප්‍රංශයේත් සහාය ලබා ගත් බටහිර හිතවාදී විපක්ෂ කණ්ඩායම් ය. සිරියාවේ රජයට සහ හමුදාවට පක්ෂ සන්නද්ධ කණ්ඩායම් ද සිරියානු රජයට සහ හමුදාවට සහාය දක්වමින් සටනට එක් වූයේ රුසියාව සමඟ එක් වෙමිනි.

මේ වනවිට යුක්රේන අර්බුදයේ දී රුසියාවේ ඉල්ලීමට කන් දෙමින්, යුක්රේනයේ සටන් වැදීමට යන්නේ මෙම ෂියා මුස්ලිම් සටන්කාමීන් යැයි පෙන්ටගනය පෙන්වා දෙයි. සිරියානු සටන්කාමීන්ගේ සහාය ලබා ගන්නා බව රුසියානු රජය හෝ රුසියන් හමුදාව හෝ මෙතෙක් කිසිවක් පවසා නැත.

මේ අතර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී කළ ඉල්ලීමට කන් දෙමින්, විදේශගත යුක්රේන වැසියන් පමණක් නොව, කුලී හේවායින් පවා යුක්රේනයට පැමිණ යුක්රේන ‘ජාත්‍යන්තර හමුදා බලඇණිය’ සමග එක් වී සිටින බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS