සිරියානු දරුවන් ආපසු පාසල්වලට
භූමි කම්පාවෙන් හානි සිදුවුණු සිරියාවේ වයඹදිග පළාතේ දරුවන්, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කර තිබේ.
සිරියාව ද දෙදරා ගියේ පසුගිය 6 වැනිදා තුර්කිය කැලැඹූ ප්‍රබල භූමි කම්පාව හේතුවෙනි. භූමි කම්පාවෙන් හානි සිදුවූයේ සිරියානු රජයට විරෝධය දක්වන විපක්ෂ දේශපාලන කණ්ඩායම් යටතේ පවතින ප්‍රදේශවලටය.
එම ප්‍රදේශවල පාසල් බොහොමයක් ද භූමි කම්පාවෙන් බිමට සමතලා වී තිබේ. නිවාස බිමට සමතලා වීමෙන් සුන්බුන් අතරේ සිරවුණු දරුවන් ද බොහෝ දෙනෙකි.
භූමි කම්පාවෙන් විනාශ වුණු සිරියාවේ පාසල් ගණණ 250 කි. මේවා ඉඩ්ලිබ් පළාතේ පිහිටා ඇත. අනෙක් සිරියානු නගරවල විනාශයට පත්වුණු නිවාස ගණන 203 ක් යැයි පැවැසෙයි.
(අල් ජසීරා)