සිරියානු ජනාධිපති අල් අසාද් සෞදියේ



සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සෞදියේ ජෙඩා නුවර බලා පැමිණියේය. සිරියානු ජනාධිපතිවරයා සෞදිය බලා පැමිණියේ සෞදියේ පැවැත්වෙන අරාබි ලීග සමුළුවට සහභාගීවීමේ අරමුණින්ය.

වසර 11 කට පසු යළිත් වරක් සිරියාවට අරාබි ලීගයේ සාමාජිකත්වය හිමිවී ඇත. ඒ, එම ලීගයේ සෙසු සාමාජිකයන්ගේ කැමැත්ත පරිදිය.

අරාබි ලීගයේ සාමාජිකත්වය සිරියාවට අහිමි කරනු ලැබුවේ 2011 දී ආරම්භ වුණු සිරියානු සිවිල් යුද්ධය මුල්කොට ගනිමිනි.

(රොයිටර්)


RECOMMEND POSTS