සිරියානු ජනතාවට සහනාධාර බෙදා දෙයි



සිරියාවේ ඇති වූ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමට සෞදි අරාබිය කටයුතු කර ඇති බව වාර්තා වේ.

සිරියාවේ ඇලෙප්පෝ ආණ්ඩුකාර ප්‍රදේශයේ ජැන්ඩ්‍රිස් නගරයේ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට සහනාධාර බෙදා දීමට සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය කටයුතු කරයි.

පවුල් 100ක් ඇතුළුව පුද්ගලයින් 509 දෙනෙකුට ප්‍රතිලාභ ලබා දෙමින් ආහාර මලු 100ක්, ආරක්ෂිත කූඩාරම් 100ක් සහ බ්ලැන්කට් 200ක් බෙදා දෙන ලදී.

සෞදි රජු, සල්මාන් බින් අබ්දුල්අසිස් අල් සවුද්ගේ නියෝග මත භූමිකම්පාවෙන් විපතට පත් තුර්කියේ සහ සිරියාවේ ජනතාවට සහනාධාර ලබාදීමට කටයුතු කරන අතර, සෞදි ඔටුන්න හිමි කුමරු සහ අගමැති, මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුලාසීස් අල් සවුද්සහයෝගය දක්වයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS