සිරියානු ගුවන්තොටුපොළට මිසයිල ප්‍රහාරයක්



සිරියාවේ ඩමැස්කස් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළට මිසයිල ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය එල්ල කළේ ඊශ්‍රායලය යැයි සිරියානු රජය චෝදනා නගයි.

ප්‍රහාරයෙන් සිරියානු රජයේ හමුදා සොල්දාදුවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් තවත් සොල්දාදුවන් තිදෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.

මිසයිල ප්‍රහාරය එල්ල වූයේ සිරියාවේ වේලාවෙන් අලුයම 2 ට පමණය. ප්‍රහාරයෙන් ගුවන්තොටුපොළට හානි සිදුවුණු බවත්, ගුවන්තොටුපොළ වසා දැමීමට සිදුවුණු බවත් සිරියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ගුවන්තොටුපොළට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව හෝ රජය හෝ මෙතෙක් කිසිවක් පවසා ඇත.
මීට පෙර අවස්ථා ගණනාවකදී ද සිරියාවේ ඩමැස්කස් ගුවන්තොටුපොළට ඊශ්‍රායල හමුදා පහර දී ඇත.

දශකයකට වැඩි කාලයක් තිස්සේ පවතින සිරියානු සිවිල් යුද්ධයේ දී සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රමුඛ ඔහුගේ ෂියා මුස්ලිම් රජයට ඉරානයේ සහාය ලැබේ.

ඉරානය ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් රාජ්‍යයයි. ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇයිහොඳයිකම් පළුදු වී තිබේ. ඊශ්‍රායලය පහර දෙන්නේ, සිරියාවේ සිටින සිරියානු රජයට සහාය දක්වන ඉරාන සටන්කාමීන්ටය.

(රොයිටර්)


RECOMMEND POSTS